hambantota1වත්මන් රජයේ රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීමේ සංකල්පය මුදුන්පත් කර ගැනීම සඳහා සහායක් ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය මගින් "දිවියට උදානය" නමින් ව්‍යවසාය සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ. මෙමගින් නව ව්‍යවසායකයන් බිහි කිරීම මෙන්ම දැනට ව්‍යාපාරවල නියුතු වුවන් සවිබල ගැන්වීම, ව්‍යාපාර ඇති කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම, නව ජීවනෝපාය සාර්ථක කිරීම උදෙසා පහසුකම් සැලසීම තුලින් රැකියා දස ලක්ෂයක් බිහි කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ දායකත්වය ලබාදීම අරමුණු කෙරේ.


නව කර්මාන්ත බිහිකිරීම හෝ පවතින කර්මාන්තයක් සංවර්ධනය කිරීම වෙනුවෙන් එක් ව්‍යවසායකයකු සඳහා උපරිම වශයෙන් රු: 50,000.00ක මුදලක් මෙම ව්‍යාපෘතිය මගින් දරණු ලැබේ.


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් තාක්ෂණ ආයතනය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය හා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආදි ආයතනවල සහයෝගයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව මෙම ව්‍යාපෘතිය මෙහෙයවීම සිදුකරනු ලැබේ.

Scroll To Top